IDH රෝහලේ සිට පැන ගොස් සිටි කොරෝනාවෛරස් ආසාදිතයා රෝහලෙන් පිටව යාමෙන් පසු ආගිය තැන් මොනවා ද? යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ඔහු IDH රෝහලේ සිට පිටකොටුවට ගිය බවට අදාළ ආසාදිතය පවසා ඇති බවය.
කෙසේ වෙතත්, ඔහු පවසන දේ සම්පූර්ණයෙන් විශ්වාස නොකළ හැකි හෙයින් ඔහු ආගිය තැන් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ඔහු පැවසීය.
ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, ආසාදිතයා ආගිය තැන් සොයා බැලීම සඳහා CCTV කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් සිටින බවය.
එම දර්ශන විමර්ශනය කර ඔහු ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට නියමිතය.අයි.ඩී.එච් රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර ඇත.
ආසාදිතයා නැවතත් කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර තිබේ.මෙම ආසාදිතයා අයි.ඩී.එච් රෝහලෙන් පිට වී කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට ගොස් තිබේ.
ආසාදිතයා කොළඹ කෙලින් වීථියට පැමිණ ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වයි.මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනීමට සහාය දුන් සියලු දෙනාට වැඩ බලන පොලිස්පතිවරයාගෙ විශේෂ ත්‍යාගය මුදලක් ලබාදීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.