‍රථවාහන වැරදි කලොත් ලයිසන් කැන්සල් – රියදුරු බලපත්‍රයේ ඇති චිපයෙන් කරන්න හදන දේ

රියදුරු බලපත්‍රයේ ඇති චිපය මගින් ලකුණු ලබාදීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ලකුණු විසිහතරේ සිට බිංදුව දක්වා බස් රථ ධාවනයේදී සිදුවන වැරදි සම්බන්ධව ලකුණු අඩුකරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

එම ලකුණු ප්‍රමාණය බිංදුව වූ විට ස්වයංක්‍රීයව රියදුරු බලපත්‍රය අහෝසි වනු ඇත.

දෛනිකව පුද්ලයින් 8කට අධික සංඛ්‍යාවක් මාර්ග අනතුරුවලින් මියයන බවත්, ඉන් සිදුවන ජීවිත හානි සහ දේපළ හානිවල වටිනාකම ගණනය කළ නොහැකි බව අමාත්‍යවරයා කීවේය.

බස් රථ රියැදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය තවදුරටත පුළුල් කරන බව මහින්ද අමරවීර අමත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Next Post

යාපනය විශ්ව විද්‍යාලයේ කාථිකාචාරනිය ගැන අසත්‍ය පුවතක්

Thu Jul 23 , 2020
යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ(22) දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවියමියගොස් ඇතිබවට […]

Breaking News