යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය කළගයාත්රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ(22) දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවියමියගොස් ඇතිබවට අප වෙබ් අඩවියේ පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට කාරුණිකව දැනුම් දෙමු
මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිසයාපනයශික්ෂණ රෝහල සමගදුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ යාපනය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමා පැවසුවේ ඇය මියගොස් නැති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහාගුවනින් කොළඹජාතික රෝහලවෙත මාරු කර යැවූ බවයි. ඇය පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප කොළඹ ජාතික රෝහල සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. අප හා සම්බන්ධවු රෝහල් ප්‍රකාශිකාව තහවුරු කළේ ඇය හදිසි අනතුරු අංශයේ ස්නායු ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.