හිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ ප.හර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .
මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව ඇති වූ ප.හර දීමකින් හිටපු අමාත්‍ය වරයා අසල ඇති කාණුවකට ඇද වැටී ඇති බව පොලිසිය කියයි .
හිටපු අමාත්‍ය වරයාගේ වම් පාදයට බරපතළ තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මීට පෙර අවස්ථාවක අමාත්‍ය වරයා එම ස්ථානයට ගොස් එම සේවකයන් සහ නිලධාරීන් සමග බහින් බස් වීමක් සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .
හිටපු අමාත්‍ය වරයා මේ වන විට කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
මතුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .