දරුවන් ගැන සිතා රජය උප්පැන්න සහතිකය වෙනස් කරයි – මින් ඉදිරියට උප්පැන්නේ මේ තීරුව නෑ

විද්‍යුත් ක්‍රමයට උප්පැන්න සහතික නිකුත් කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ මහතා පවසයි.

එමෙන්ද, විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවය.

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගෙන තිබේ.

Next Post

රාජ සභා සම්පුර්ණ වාර්තාව අගමැතිට

Wed Jul 22 , 2020
කුරුණෑගල  ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය) කඩා දැමීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ජුලි 31දාට පෙර ලබාදෙන ලෙස නීති පති දප්පුලද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. පොලීසිය හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන […]