විමල්ගෙ බිරිඳට වරෙන්තු

ව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එම නඩුව අද (21දා) විභාගයට ගත් අතර ඇය හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අද අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙසේ සැකකාරිය අත්අඩගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය.

නඩුව නැවතත් අගෝස්තු 14 දා කැඳවීමට නියමිතය.

Next Post

දරුවන් ගැන සිතා රජය උප්පැන්න සහතිකය වෙනස් කරයි - මින් ඉදිරියට උප්පැන්නේ මේ තීරුව නෑ

Wed Jul 22 , 2020
විද්‍යුත් ක්‍රමයට උප්පැන්න සහතික නිකුත් කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ මහතා පවසයි. එමෙන්ද, විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවය. උප්පැන්න […]