මද්දක් නිසා දිවි තොර වූ අති දුර්ලභ කදුකර කොටියා – ජායාරූප

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් තිබේ.

නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටියා මිය ගොස් ඇති බවයි.

මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වි ඇති කදුකර කොටියා මන්ද කඩාගෙන විත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදි කෝපි ගසේ මන්ද සවි කර තිබු මුගුර ගසේ සිරවිම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්තාවේ කොටියා ගස මතම මිය ගොස් ඇත.

කොටියාගේ උදරය මන්දට හසු වි කොටියා දැඩි ලෙස තුවාල ලබා ඇත.
කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසින් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දේනුවක් මෙසේ මිය ගොස් ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත යොමු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Next Post

සත්තු කාපු පලතුරු ඔබත් කනවද ? එහෙනම් පරිස්සමින් හැමෝම දැනුවත් වෙන්න

Mon Jul 20 , 2020
දින දහයකට පමණ පෙර සතුන් විසින් කා දමන ලද ඉදුණු අඹ ගෙඩියක ඉතිරි කොටස අනුභව කළ දෙදරු මවක් 17 වැනිදා දඹුල්ල මූලික රෝහලේදී ජලභීතිකාව බවට සැකකෙරෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ බුලනගම පලූගස්වැව හබරණ යන ලිපිනයේ පදිංචි ඩිංගිරිබණ්ඩාගේ ප‍්‍රසන්න පද්මලතා රත්නායක නමැත්තියකි. ඉන් පෙර දින හදිසියේ අසාධ්‍ය […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News