කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ (19) හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලින් දැක්වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ඊයෙ (19) පස්වරු 10.15 වන විට මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2724 කි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් යාවත්කාලීන කරනු ලබන වෙබ් අඩවියේ සඳහන් වන පරිදි අද (19) පස්වරු 10.15 වන විට මෙතෙක් හඳුනාගන්නා ලද රෝගීන් සංඛ්‍යාව 2724 කි.
අධික වැසි සහිත පවතින කාල ගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ,කලුතර, කෑගල්ල,රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික් මෙලෙස නාය අවදානමක් ඇති දිස්ත්‍රික්ක ලෙස හ ඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
පසුගිය පැය 24 ක කාලයේදී වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතීනම් නාය යෑම් , බෑවුම් කඩා වැටීම්,ගල් පෙරලිම්,පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් යන අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වන ලෙස හා ඒවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වූවහොත් හැකි ඉක්මනින් ආරක්ෂිකාරී ස්ථානයකට ගමන් කිරීමට කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කරයි.