සත්තු කාපු පලතුරු ඔබත් කනවද ? එහෙනම් පරිස්සමින් හැමෝම දැනුවත් වෙන්න

දින දහයකට පමණ පෙර සතුන් විසින් කා දමන ලද ඉදුණු අඹ ගෙඩියක ඉතිරි කොටස අනුභව කළ දෙදරු මවක් 17 වැනිදා දඹුල්ල මූලික රෝහලේදී ජලභීතිකාව බවට සැකකෙරෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බුලනගම පලූගස්වැව හබරණ යන ලිපිනයේ පදිංචි ඩිංගිරිබණ්ඩාගේ ප‍්‍රසන්න පද්මලතා රත්නායක නමැත්තියකි. ඉන් පෙර දින හදිසියේ අසාධ්‍ය වී තිබූ ඇය හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජලභීතිකා රෝගී ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා එදින සවස දඹුල්ල මූලික රෝහලට මාරු කර එවීමෙන් පසු මෙසේ මියගොස් ඇත.

මෙම මරණය පිළිබඳව දඹුල්ල මූලික රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යූ. කේ. ආර්. බී. රණතුංග මහතා විසින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දීමට ද පියවර ගෙන තිබේ.

මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණයද 17 වැනිදා දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඞී. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතා ඉදිරියේ දඹුල්ල මූලික රෝහලේ පැවැති අතර එහි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ මේනගාන්ත් මහතා මෙම මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ.

මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබාදුන් මියගිය තැනැත්තියගේ සහෝදරියක වන ඩිංගිරිබණ්ඩාගේ නිල්මිණි චන්ද්‍රිකා (36* නමැත්තිය මෙසේ පැවසුවාය.

මේ මියගියේ මගේ තුන්වැනි අක්කායි. එයාට කලින් අසනීප තිබුණේ නැහැ. දැන් ළ`ගදී ඉඳන් කොලොස්ටරෝල් කියා බෙහෙත් ගත්තා විතරයි. ඊයේ දවල් මේ අක්කා බැඳපු අයියා කෝල් කරලා අක්කාට හදිසියේ අමාරු වෙලා කියලා මට ළ`ග ඉන්න එන්න කිව්වා. මම එද්දී අක්කා දඹුල්ල රෝහලට එවලා නිසා මම දඹුල්ල රෝහලට ඇවිත් අක්කා ළ`ග හිටියා. එතකොට අක්කා පපුව රිදෙනවා කිව්වා ඇ`ග අල්ලන්න දුන්නේ නැහැ. සීතලයි කිව්වා. වතුරට ගොඩාක් බයවුණා. ඇ`ග ගුලිකර ගත්තා. ? වෙද්දී කටින් සෙමත් දාන්න පටන් ගත්තා. වෛද්‍යවරු අක්කාට තියෙන්නේ ජලභීතිකාව කිව්වා. පාන්දර අක්කා මියගියා. දැන් සතියකට විතර උඩදී මේ මියගිය අක්කා සත්තු කාපු අඹ ගෙඩියක ඉතිරි කොටස කෑ බව ලොකු අක්කා අද උදේ මට කිව්වා. ඒ හැර ජලභීතිකාව හැදෙන්න හේතුවක් මට හිතාගන්න බැහැ.

මියගිය තැනැත්තියගේ සැමියා වන පහල ගෙදර දිසානායක නමැති අය මෙසේ පැවසුවේය.

මගේ බිරිඳ මාස දෙකක් විතර කොලොස්ටරෝල් නිසා පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ගත්තා. අද උදේ මම වැඩකට යද්දීත් බිරිඳ පපුවත් හිරවෙනවා. කකුලක් හිරි වැටෙනවා කිව්වා. එයාම හවස බෙහෙත් ගනිමු කිව්වා. අද දවල් එයාට අමාරු වෙලා හබරණ රෝහලට අරන් ගියාම මම ගිහින් බලද්දී එයා අල්ලන්නවත් දුන්නේ නැහැ. වතුරට බය වුණා. වෛද්‍යවරු එයාට ජලභීතිකාව බව කිව්වා. අපේ දුවගේ බල්ලෙක් හූරලා දැන් මාස හතරකට උඩදී බෙහෙත් විද්දා ඒ හැර බිරිඳට ජලභීතිකාව හැදෙන්න හේතුවක් දන්නේ නැහැ.

Next Post

විමල්ගෙ බිරිඳට වරෙන්තු

Tue Jul 21 , 2020
ව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. එම නඩුව අද (21දා) විභාගයට ගත් අතර ඇය හෝ ඇය වෙනුවෙන් […]