වසර 1700 ඉපැරණි බුද්ධ පිළිමයක් විනාශ කරයි – සමාජ ජාලා නිසා බලධාරීන්ගේ ඇස් ඇරෙයි

පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

පාකිස්තානය කයිබර්-පක්තුන්ක්වා පළාතේ කෘෂිකාර්මික ගොවිපලක කැණීමකදී මෙම පිළිමය හමුවී ඇති අතර එය විනාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ප්‍රා දේශීය මව්ලව්වරයෙකුගේ නියෝග අනුගමනය කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

කැණීමේදී හමුවූ පිළිමය මතුකරනවා වෙනුවට එක් පුද්ගලයෙකු විසින් එය විනාශ කරන අතර තවත් පුද්ගලයන් පිරිසක් එය වීඩියෝ ගත කර තිබේ.

එම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වී ඇති අතර පසුව එය බලධාරීන්ගේ අවධානයට යොමුව තිබේ.

Next Post

වන අලියා නිසා තරුණ සුරූපී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරිය රෝහල් ගත කරයි

Mon Jul 20 , 2020
යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ(22) දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවියමියගොස් ඇතිබවට […]