රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව වයිරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 2688 දක්වා ඉහළ යනු ඇත.
රාජාංගණය ප්‍රදේශයේ පුද්ගලයින් 139 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ අතර එයින් මෙම 12 හැවිරිදි දරුවා පමණක් ආසාදිතයකු ලෙස අද (17) හඳුනා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
රාජාංගණය ප්‍රදේශයේ දානමය පිංකමට සහභාගී වූ පිරිස් අළලා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයක දී මෙම දරුවා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.
වයිරසය ආසාදනය වී පුද්ගලයින් 664 දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 2012 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.