අද සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කරයි

අද (17) දහවල් 12.30 සිට කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ .

එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේ බව ලිඛිතව යොමු කර ඇත.

නීති මය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව එම සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් දක්වයි.

Next Post

මේ වන විට කන්දකාඩු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 541ක් - කිලිනොච්චියේ නව යුද හමුදා රෝහලක් විවෘත කරයි - හමුදාපති

Fri Jul 17 , 2020
කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන නව කොවිඩ් ආසාදිත පොකුරෙන් ආසාදිතයන් 541 වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. එය ආසාදිතයන් අතරින් 444ක් එහි රදවා සිටින අය වන බවත් තවත් 63ක් උපදේශකයන් හා කාර්ය මණ්ඩලයට අයත් කණ්ඩාම් බවත් ඔහු පැවැසීය. එසේම තවත් ආසාදිතයන් 5ක් සංචාරක […]