මේ වන විට කන්දකාඩු පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 541ක් – කිලිනොච්චියේ නව යුද හමුදා රෝහලක් විවෘත කරයි – හමුදාපති

කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන නව කොවිඩ් ආසාදිත පොකුරෙන් ආසාදිතයන් 541 වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එය ආසාදිතයන් අතරින් 444ක් එහි රදවා සිටින අය වන බවත් තවත් 63ක් උපදේශකයන් හා කාර්ය මණ්ඩලයට අයත් කණ්ඩාම් බවත් ඔහු පැවැසීය.

එසේම තවත් ආසාදිතයන් 5ක් සංචාරක මගෙපෙන්වනන් වූ බවත් ඉතිරි 29 උපදේශකයන්ගේ පවුල්වල අය බවත් යුද හමුදාපතිවරයා සදහන් කළේය.

කන්දකාඩු හා සම්බන්ධ වී සිටි සියලුම දෙනා නිරෝධානයට යොමුකර ඇති බවත් ඒ අතරින් 1200කට ආසන්න සංඛ්‍යාවක් ත්‍රිවිධ හමුදා නිරොධායන මධ්‍යස්ථාන තුළට රැගෙන ඇවිත් නිරෝධායනය කරන බවත් තවත් 1300ක් ස්වයං නිරෝධානයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.කිලිනොච්චිය නව යුද හමුදා මූලික රෝහල විවෘත කරන අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Next Post

ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ නොහැකිනම් මගෙන් වැඩක් නෑ - ජනපති

Fri Jul 17 , 2020
ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකි නම් සංවර්ධන ව්‍යාපෘතිවලින් ඵලක් නොමැති බවත් මූලික අවශ්‍යතා ඉටුකර දීමට නොහැකිනම් බලාපොරොත්තු රැසක් සහිතව ජනාධිපතිලෙස පත්කර ගත් තමාගෙන්ද රට වැසියාට ඵලක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ […]

Breaking News