පැතිරීම ඉහලයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

කොරෝනා වෛරසය යළි යළි වතාවක් සමාජය පුරා පැතිරීමේ අවදානම ඉතාමත් වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා හැකිතාක් ගමන් බිමන් සීමා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැලිසර නාවික හමුදා පොකුර ක්‍රියාත්මක වෙද්දී රට පැවතියේ ලොක්ඩවුන් තත්ත්වයක වුවත් කන්දකාඩු ආශ‍්‍රිතයන් හමුවන්නේ රට විවෘත කර තිබියදී නිසා ආසාදිතයන් සමාජය පුරා ගැවසීමේ ඉඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.

එනිසා අත්‍යවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වල නොෙයෙදන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියේය.

කිසියම් හෝ කාරණාවකට සංචරණය යෙදින්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉතාම ඉහළින් අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා වෛරස ආසාදිතයෙකු නොදැනවත්වම සමාජයේ සිටියහොත් ඔහුගෙන් වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෙළඳපලවල්, පොදු ප්‍රවාහන සේවා සහ මෑතකදී පැවති මැතිවරණ රැලිවලදී ද පුද්ගල දුරස්ථභාවය ගැන කිසිම තැකීමක් නොකර හැසිරීම දක්නට ලැබුණු බව ද ඔහු පැවසීය.

එම කිසියම් තැනක ආසාදිතයෙකු සිටියේ නම් රෝගය ඉතා ඉක්මනින් පැතිර යනු ඇති බවත් එවිට ආසාදිතයන්ගේ මූලාශ්‍රයන් සොයා ගැනීමට පවා නොහැකි තරම් තත්වය භයානක වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී රෝග ව්‍යාප්තිය පාලනය කර නොගතහොත් ඉදිරියේ දී රෝගී තත්ත්ව තවත් ව්‍යාප්ත වීම මත පසුගිය කාලවලදී පැවති ආකාරයට සමාජය දැඩි සීමා කිරීමකට පත් කරන්නට වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය

Next Post

මහේලට සිංහලයන් සලකයි - ලැබුනු නව තනතුර මෙන්න

Thu Jul 16 , 2020
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙසින් පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, පසුගිය දා පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මහේල […]

Breaking News