STF එයි – අඟුලාන පොලිස් ස්ථානය අසළ නොසන්සුන් තත්ත්වයක්

අගුලාන පොලිසිය ඉදිරි පිට ඇති වු නොසන්සුන් තත්ත්වය සම්බන්ධ බව කියන තිදෙනකු පොලීසියට බාර වී තිබේ.කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පොලීසියට බාර වී ඇති අතර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔවුන් ගල්කිස්ස පොලීසියට බාර දී තිබේ.

සිදු වූ දේපළ හානි සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් ,මෙසේ අගතියට පත් පාර්ශවයට යම් ආසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.(වීඩියෝව පහතින් නරඹන්න)

අගුලාන පොලිසිය ඉදිරිපිට ඇතිව නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සදහා මේ වන විට පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා ඇත.ඇතිව තිබෙන තත්වය සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින උසස් පොලිස් නිලධාරීන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටිති.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද අඟුලාන පොලිසියට පැමිණ සිටී.ඒ අවට ඇති වූ කලබලකාරී තත්වය මේ වනවිට පාලනය කර ඇති අතර, පොලිසිය ඉදිරිපිට නවතා තිබූ වාහන කිහිපයකටද හානි වී ඇත.

අගුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණි පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ පොලිසිය අද(16) කඳුළු ගෑස් එල්ල කර තිබේ.එම පිරිස පොලිසිය දෙසට ගල් මුල් එල්ල කිරීමත් සමගම එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.

ඉකුත් 10 වෙනිදා රාත්‍රියේදී පොලිස් වෙ. ඩි තැබීමක් නිසා මියගිය අමිත් කරුණාරත්න නැමැති හත් දරු පියාගේ නඩු විභාගය අද දින මොරටුව මහේස්ත්‍ රාත් අධිකරණයේ දී පැවැත්විණි. එම මර ණ යට අදාළ සැකකරු පොලිසිය අත්අ.ඩං ගුවට ගෙන නොමැතිවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවීම මත මෙම කලහකාරී තත්වය ඇතිවිය.

Next Post

අද 12යි ඔක්කොම 2686යි - පොහොට්ටුවේ රැස්වීම් හෙට සිට නැවතත්

Thu Jul 16 , 2020
මහමැතිවරණය සඳහා පවත්වන ජනරැලි තාවකාලිකව අත්හිටවූ වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් හෙට දිනයේ සිට සිය ප්‍රචාරක රැලි ආරම්භ කිරීමට නියමිතය.ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ පොළොන්නරුවේ දී ජනහමු කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම ජනහමු මනම්ටිය කදුරුවෙල ඇතුළු ස්ථාන කිහිපයකදීම සංවිධානය කර ඇත.ජනහමු සංවිධානය […]

Breaking News