ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.(වීඩියෝව පහතින්)
මේ වන විට උද්ගතව ඇති තත්ත්වය මත නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමට සහ ඇඳිරි නීතිය පැනවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින්, අසත්‍ය හා නොමග යවනසුලු ප්රචාරයන්ට නොරැවටී වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් සහ සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර ඇති සියලු සෞඛ්යාරක්ෂක උපක්‍රම දැඩිව අනුගමනය කරමින් ආරක්ෂිතව හා විචක්ෂණශීලීව කටයුතු කරන මෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේ ම, එවැනි සාවද්‍ය ප්‍රචාර සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස රජය අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ගෙන රට තුළ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම, එම වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය පියවර ගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම, ආසාදිතයින් හඳුනා ගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු ක්‍රියාමාර්ගයන් මේ හා සම්බන්ධිත ප්‍රදේශ හා ස්ථාන ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.