කොරෝනා ආසාදිතයෙකු සංචාරය කිරීම හේතුවෙන් පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වසා දමා තිබේ.ඒවායේ සේවක පිරිස් නිරෝධායනයට යොසු කර ඇත.
පිලියන්දල පදිංචිකරුවෙන් වන හමුදා නිලධාරියෙකුට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
හිඟුරක්ගොඩ ආපනශාලාවක්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවැසුවාය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි, හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කෝවිඩ්-19 ඊයේ(14) ආසාදනය වී ඇති බව සනාථවීමත් සමග ඔහු ආහාර ලබා ගත් ආපනශාලාව මෙසේ වසා දමා තිබේ.
හිඟුරක්ගොඩ බස් නැවැතුම්පොළ ඉදිරිපිට ඇති ආපනශාලාවෙන් දින කිපයක් ආහාර ලබා ගෙන ඇති බවත්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි ආයතන තුනකට මෙම යුද හමුදා නිලධාරියා ගොස් ඇති බවත්, එම ආපනශාලාවත් වෙළඳ ආයතන දෙකක් එහි සේවක සේවිකාවන් නිවාස තුළ ස්වයං නිරෝධානය කිරීමට කටයුතු කළ බවත් නිල්මිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
එම වෙළඳසැල්වළට ආ ගිය පිරිස පිළිබඳව මේවන විට සොයා බලා එම අය නිවාස තුළ ස්වයං නිරෝධාන කිරීමටත් ආපනශාලාව සහ වෙළඳ ආයතනයේ කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් කටයුතු කරන බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය සඳහන් කළාය.