අද දින මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 05ක් වාර්තා වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2670ක් දක්වා වර්ධනය වී තිබේ.
අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර
එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි – නිරෝධායනයට ලක්වෙමින් සිටින
කටාර් සිට පැමිණ 4යි – නිරෝධායනට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්‍රික් 16 කින් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, පොනේනරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, පුත්තලම, යාපනය, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ගම්මාන 116 කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයි ද උපුල් රෝහණ මහතා කීය.
මේ ආසාදිතයින් ඇසුරු කළ 3000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයි පැවසූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිසක් ද ඒ අතර ඇතැයි කියා සිටියේය.
කෙසේ වෙතත් කොවිඞ් 19 රෝගය පැතිර යාමේ අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, මුහුණු ආවරණ පැළඳීම, දෑත් නිරන්තර පිරිසිදුව තබා ගැනීම සහ සෙනග ගැවසෙන ස්ථාන මඟහැර සිටීමත් අත්‍යවශ්‍ය යැයි ද ඔහු පෙන්වා දුන්නේය.