මැතිවරණයට අදාළ සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකිරීම හේතුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට විශාල බාධාවක් වී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම සෞඛ්‍ය රෙගුලාසි අනුගමය නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීමට නොහැකි බවද ඔහු පැවැසීය.
එසේම නිතර අත්සේදීම, මුහුණු ආවරණ පැළදීම, සංචරණය සීමා කිරීම, මීටරයක දුර තබා ගැනීම ආදී සෞඛ්‍යමය පුරුදු අනුගමනය නොකරන්නේ නම් එය ඡන්ද විමසීම පැවැත්විමට බරපතල ගැටලුවක් වෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍යමය නිර්දේශ ගැසට් නොකළහොත් ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බවත් අගෝස්තු පහ දා මැතිවරණය පැවැත්වීමට නම් පාලිත කොරෝනා තත්ත්වයට රට ආ යුතු බවත් ඔහු පැවැසීය.
ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්යස්ථානවවලට එන ඡන්දදායකයන් සියලු දෙනාට අත්සේදීම සඳහා යොමු කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන්ගේ දෑත් ඡන්ද මධ්‍යස්ථානයේදී විෂබීජ හරණය කිරීමට ඇල්කොහොල් මිශ්‍ර සනීපාරක්ෂක ද්‍රව්‍ය අවශ්‍ය වී ඇති බවත් එක් පුද්ගලයකුට මෙසේ ඇල්කොහොල් මිලි ලීටර 12ක් බැඟින් ගණන් එක්කෝටි විසි ලක්ෂයක් වන ඡන්දදායකයන් හට අත් සේදීමට ඇල්කොහොල් ලීටර ලක්ෂ දෙකක් පමණ අවශ්‍ය වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
පසුගියදා අපේගම පරිශ්‍රයේදී පැවැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මැතිවරණය පිළිබඳව දැනුවත් කිරීමට සංවිධානය කර තිබූ වැඩමුළුවකදී මේ බව පැවසූ දේශප්‍රිය මහතා මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට රජයෙන් මුදල් ඉල්ලා ඇති බවත් පැවසීය.
“ ඡන්ද දායකයන්ට ඡන්ද පොලේ දී හඳුනා ගැනීම සඳහා මුඛ ආවරණය ගලවන්න සිදුවෙනවා. එය අතින් ඇල්ලීමෙන් පසුව අනාරක්ෂිත බවක් තිබෙනවා. කවර ආකාරයකින්වත් අත් නොසේදූ හෝ විෂබීජ හරණය නොකළ පුද්ගලයකුට ඡන්ද පත්‍රිකාව අල්ලන්න දෙන්න බැහැ. අත් සේදීම ප්‍රමාණවත් බව කිව්වත් ඡන්ද පොලේදී එය ප්‍රායෝගික නොවන්නේ සේදුවාම ඡන්ද පත්‍රිකාව තෙමෙන්න පුළුවන්.
අත පිසදාගන්න ටිසූ දුන්නෙත් ඒවා බැහැර කිරීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කරන්න වෙනවා. අනෙක ඇඟිලි තෙමී තිබුණාම පාට කිරීම අසීරුයි. මේ නිසා අපට අල්කොහොල් මිශ්‍ර සනීපාරක්ෂක දියරයක් පාවිච්චි කරන්න වෙනව. යම් අයකුට අසාත්මිකතාවක් තිබෙනවා නම් ඔවුන්ට අත සේදීමේ පහසුකම් දෙන්න පුළුවන්“ යයිද මෙහිදී සඳහන් කළේය.