කොරෝනා රෝගීන් සංඛ්‍යාව 664 ට නගී අද දවසට 17ක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා හා සමාජ මාධ්‍ය හරහා පුවත් වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

එහිදී අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ කීය.

‘‘අද දින ඕමානයේ සිට පැමිණි තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කුණ්ඩසාලේ ප්‍රදේශයේ කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයකුගේ භාර්යාව සහ මාමණ්ඩි කෙනෙක් කොවිඩ් 19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම ලංකාපුර හඳුනාගත් රෝගියාගේ එනම් කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කරන නිලධාරියාගේ තවත් ඥාතියෙක් කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රාජාංගනය ප්‍රදේශයේ සිදුකළ පී සී ආර්  පරීක්ෂණ වලදී තවත් පුද්ගලයෙක් කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා පැතිරෙන බව කී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් කියා සිටියේ,කන්දකාඩු  මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරින්, රැදවියන් ලෙස සිටිය අය තම නිවෙස්වලින් නැවත නිරෝධායනය සඳහා කැඳවාගෙන යෑමේ දී මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි. ආරක්ෂක අංශ හා සෞඛ්‍ය පරීක්ෂකවරු විවෘතව මෙම කටයුත්තේ නිරත වෙනවා.

තවද රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහල කොවිඩ් ආසාදිත රෝගියකු වාර්තා වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම රෝහලෙන් වාර්තා වූ ආසාදිතයා ද කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබෙන බව ද මේ වනවිට එම රෝහලේ 48 ක් පී සී ආර් පරීක්ෂණ සිදු කර තිබෙන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 17 ක් බවට පත්ව තිබේ. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 664 කි.

අද පස්වරුවේදීත් කොරෝනා වයිරස ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර රාත්‍රී 8.15 ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2663 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1988 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ

Next Post

GMOA එකෙන් රජයට දැනුම් දීමක්

Tue Jul 14 , 2020
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, රෝගීන් හඳුනා ගැනීම හරහා පොකුරු වාර්තා වීම වළක්වා ගැනීම සඳහා “පීසීආර් පරීක්ෂණ කිරීමේ ධාරිතාව වැඩි කර ගත යුතු,“ බවය. මීට අමතරව, “මුළු රට […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News