කොරෝනා දෙවැනි රැල්ල ගැන නිවේදනයක් ප්‍රසිද්ධ කරයි – ප්‍රදේශ රැසක ව්‍යාප්තියක්

රට තුළ දෙවන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානම මැඩපැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් තත්ත්ව වාර්තාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසිද්ධ කර තිබේ.එහි දැක්වෙන්නේ දැනට දෙදහසකට අඩු මට්ටමේ පවතින PCR පරීක්ෂණ ප්‍රමාණය 2500 දක්වා වහා වැඩි කළ යුතු බවයි .රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ වාර්තාව මෙම පුවත අවසානයේ අමුණා ඇත ,

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 647 දෙනෙකු මේවන විට නිරෝධායනයට ලක්කර සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

කන්දකාඩුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධයස්ථානයෙන් කොරෝනා වයිරස ආසාදිතයින් පොකුරු හමුවීමෙන් පසුව සෞඛ්‍ය අංශ සිදුකළ විමර්ශනවලදී මෙම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ සමීපතමයින් හඳුනා ගැනීමට හැකිවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එක් අයෙකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනට යොමු කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය .මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු වශයෙන් සේවය කරන 34 හැවිරිදි සීදූව කොටුගොඩ පදිංචිකරුවෙකි .

පසුගියදා එම මධ්‍යස්ථානයේ සිට තම ගම් ප්‍රදේශයට පැමිණ ඇති මෙම පුද්ගලයා , ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමඟ එල්ලේ ක්‍රීඩාවේ ද නිරතව සිට තිබේ.ඔහුට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා පුහුණු වීම් කටයුතු සහ එහි පරීක්ෂණ කටයුතු සඳහා තවත් පිරිසක් සමග එකම වාහනයක ද ගමන් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව මේ වනවිට 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර , තවත් මෙම පුද්ගලයා සමග ලගින් ඇසුරු කළ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ .කොරෝනා ආසාදිත මෙම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වෛද්‍ය ප්‍රතිකාර සදහා රැගෙන ගොස් තිබේ .මීට අමතරව කටාන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ද 14 දෙනෙකු පමණ ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය .

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නීරෝධායනය වෙමින් සිටින මත්ද්‍රව්‍ය ලෝලීන් බැලීමට ගොස් ඇති තිදෙනකු සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයන් 11 දෙනෙකු මෙසේ ස්වයං නීරෝධායනයට යොමු කර සිටින බවට වාර්තා වේ .ඒත් සමගම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ද තවත් 30 දෙනෙකු පමණ ස්වයං නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය .

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කිරීමෙන් පසු කොවිඩ් 19 ආසාදිතයින් යැයි තහවුරු කරගත් බදුල්ල දිස්ත්‍රික්කයේ යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුගේ ආශ්‍රිතයින් 116 ක් නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය.මෙලෙස කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටින බදුල්ල කැන්දගොල්ල , පස්සර පරමංකඩ සහ මහියංගනය සොරබොර ප්‍රදේශවල පදිංචි තිදෙනෙකු බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම තිදෙනාම නිවාඩු අවසන් කර යළි රාජකාරියට වාර්තා කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණ වලින් කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබිණි.මොවුන් අතරින් බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ හමුදා සාමාජිකයා පසුගිය මස (09) වැනිදා නිවාඩු ලබා පැමිණ (19) වැනිදා පිටව ගොස් ඇති බවත් මහියංගනය සොරබොර ජනපදයේ පදිංචි හමුදා සාමාජිකයා ද ජුනි (6) වැනිදා පැමිණ (16) වැනිදා පිටව ගොස් තිබෙන බවත් පස්සර පරමහංකඩ ප්‍රදේශයේ පදිංචි හමුදා සාමාජිකයා මේ මස (3) වැනිදා පැමිණ (10) වැනිදා පිටව ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

Next Post

ජනපති සහ හමුදාපති වර්තමාන රට ගැන විස්තර කරයි

Tue Jul 14 , 2020
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් […]

Breaking News