කලවානේ සියලුම කඩ වසයි නුවර 300ක් ස්වයං නිරෝධායනයට – පොල්ගහවෙල,කැකිරාව,මොනරාගල,හෝමාගම,මාතලේ නගරවලට බලපෑම්

කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්‍රිගු මහතා පැවසීය.කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳ මහතුන් මෙම තීරණයට එකඟතාවය පළකරමින් කඩ වසා දැමීමට තීරණය කර තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී ඩී කේ අධිකාරි මහතා පවසයි.කොරෝනා බවට සැක තවත් පුද්ගලයින් පස් දෙනෙකු පිළිබද තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවලට නොරැවටී සමජ දුරස්ථ භාවය රැක ගනිමින් කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.මේනව විට ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ බුත්තල උණාවටුන ප්‍රදේශයෙන් හා සියඹලාන්ඩුව විලඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙනෙකු වේ.

ඔවුන් දෙදෙනාට අමතරව බඩල්කුඹුර දේවතුර ප්‍රදේශයෙන් පුද්ගලයෙකුත් ,කතරගම ප්‍රදේශයෙන් පුද්ගලයෙන් දෙදෙනෙකු හා මැදගම ප්‍රදේශයේ දෙදෙනකුත් හමුවි තිබේ .බුත්තල ප්‍රදේශයේ ආසාදිතයා ඇසුරුකල හා ගැවසුනු ස්ථානවල ආශ්‍රිතයින් 45 දෙනෙකුගේ පරික්ෂණ ඊයේ (14) සිදුකිරිමට කටයුතු යොදා ඇති බවත් මෙනෙරාගල ප්‍රදේශයේ ඔහු ගැවසුනු ස්ථානවල සිටි අයගේ පරික්ෂණ කටයුතු අද(15)දිනයේ සිදුකිරිමට කටයුතු කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් කෝවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගත් යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ඇසුරු කළ පවුල් 7 ක පුද්ගලයින් 30 ක් නිෙරෝධායනයට ලක් කර තිඛේ.මෙම යුධ හමුදා සාමාජිකයින් දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ නිලධාරින් දෙදෙනෙක් වනවා.එම නිලධාරින් දෙදෙනා නිවාඩු ලබා හෝමාගම සහ ගොඩගම පිහිටි නිවෙස් වෙත පැමිණ තිබුණා.

මේ අතර ඉන් එක් කොරෝනා ආසාදිත යුධ හමුදා නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා යොමු වු හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය සහයකයකු ද නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වෙයි.එමෙන්ම අදාල යුධ හමුදා නිලධාරියා ගිය හෝමාගම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලක සේවකයෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇත.

කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයේ සිටි යුදහමුදා මේජර් වරයකුට කොවිට් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ (13) දිනයේදී තහවුරු වීමත් සමඟ මේජර් වරයාගේ නිවස පිහිටි කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ ඔහු හා සබඳතා පැවැත්වූ නිවාස සහ පුද්ගලයින් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පරීක්ෂා කර ස්ව්‍යං නිරෝධායනයට ලක්කර තිබේ.ඔහු පසුගිය 4 දින නිවාඩු ලබා තම නිවසට පැමින ඇති අතර කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයෙන් ඔහුව පසුගිය 9 දින ආපසු මින්නේරිය කටුකැලියාව නිරෝදායන මධ්‍යස්තානයට කැඳවා තිබේ. එහිදී පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ දිනයේම මේජර් වරයා අයි.ඩී.එච් රෝහලට යවා ඇත.

මේ සමඟම ඔහුගේ පවුලේ පිරිස් සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිස් සොයාගෙන ඊයේ රාත්‍රියේදී පවුල් හතක් සහ පුද්ගලයින් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ස්ව්‍යං නිරෝධායනයට ලක්කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් කටයුතු කර ඇත. ඊට අමතර එම පවුලේ සාමාජිකයන් කැකිරාව සහ දඹුල්ල නගරයේ වැඩි වශයෙන් සැරිසරා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් හෙලිකරගෙන තිබේ.

ඊට අමතරව මේජර් වරයාගේ බිරිඳ කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකු බවත් ඇයගේ සැමියා නිවසට පැමිනීමෙන් පසු ඇයද දින තුනක් පාසලට ගොස් ඇති බවත් වැඩිදුරටත් තහවුරු කරගෙන තිබීමත් සමඟ පාසලේ දරුවන් හා ගුරුවරුන් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මේ වන විට දැඩි අවදානය යොමුකරමින් සොයාබැලීම් තවදුරටත් සිදුකරමින් සිටී.

පසුව අද 14 අළුයම දෙකට පමණ යුදහමුදා ආරක්ෂක අංශ විසින් ඔහුගේ නිවසේ සිටි ඔහුගේ පවුලේ පුද්ගලයින් පස්දෙනකු පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා දියතලාව නිරෝදායන මධ්‍යස්තානයට රැගෙන යාමට කටයුතු කර ඇත.කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ 4 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බවත් මින් මහනුවර දැඩි අවදානම් තත්වයක ඇති බවත් ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයන් 300 ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙසේ පැවැසුයේ අද (14) මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ඡාචකදීය.

මෙම නිලධාරීන් පාතදුම්බර, මැණික්හින්න, කුන්ඩසාලෙ, තාලාතුඔය, ගම්පල, බඹබරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තාවන අතර ඉන් සමහරු දින 2 සිට දින 10 දක්වා තම ගම්වල රැඳී ඇති බවත්, ඉන් පළමු වටයේ හා දෙවන වටයේ සියලු දෙනාම ස්වයං- නිරෝධයානයට ලක් කර ඇති බවත්, මින් පළමු පෙලේ අයගේ පී සී ආර් පරීක්ෂණ කර වාර්තා ලැබෙන තුරු ගන්නා ආරක්ෂිත ක්‍රියා මාර්ග සියලුම දේ රැගෙන ඇති බවත්, ඔවුන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළින් මෙම වයිරසය සමාජයටයෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ, පොලිසිය හා හමුදාව මේ වන විට ක්‍රියා කරමින් සිටින බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් නිලධාරියකු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී පසුගියදා (8) වෙනිදා ඔහුගේ මිතුරෙකුගේ නඩු කටයුත්තක් සඳහා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති අතර ඒ අනුව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් මහේස්ත්‍රාත් අධිකරණ භූමිය විෂබීජහරණයට ලක් කෙරුණි.

ඒ ආසන්නයේ ඇති ආපන ශාලාවක් ද වසා දැමුණු අතර එහි හිමිකරු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් තම නිවාසවල ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි .වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද නවතම වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 647 ක් බවට පත්ව තිබේ.කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු අද(14) රෝහල්වලින් පිටව යාමත් සමඟ රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් ගණන 647ක් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

Next Post

දයාසිරි පරද්දන්න එතනෝල් ජොනි බරටම වැඩ - මෙදා සැරේ ජන්දදායකයන්ට වාසි

Tue Jul 14 , 2020
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතාට එළඹෙන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ලයිස්තුවේ ජයග්‍රාහකයින් අතරට ඒමට නොහැකි බව එම පෙරමුණේ දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ. ප්‍රසන්න රණතුංග මහතා කුරුණෑගලට පැමිණ […]

Breaking News