GMOA එකෙන් රජයට දැනුම් දීමක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, රෝගීන් හඳුනා ගැනීම හරහා පොකුරු වාර්තා වීම වළක්වා ගැනීම සඳහා “පීසීආර් පරීක්ෂණ කිරීමේ ධාරිතාව වැඩි කර ගත යුතු,“ බවය.

මීට අමතරව, “මුළු රට ම ආවරණය වන පරිදි අහඹු නියැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වන,“ බව ද එම සංගමය පෙන්වා දෙයි.පසුගිය දින කිහිපය තුළදී දෛනිකව සිදු කෙරුණු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 2000කට අඩු බවත් අවම වශයෙන් දිනකට පරීක්ෂණ 2500ක් සිදු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

යළිත් කොරෝනා වෛරස් රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව හා ක්‍රියාකාරිත්වය සහ ජනතා කැපවීම අත්‍යවශ්‍ය සාධක ලෙස සලකන බව එම නිවේදනයේ දැක්වේ.

මෙම වාර්තාව ප්‍රධාන කරුණු 18 කින් සමන්විත වේ.එම සම්පූර්ණ වාර්තාව මෙස්ය.

Next Post

ජන්දය නියමිත දිනට කලින් තියන්න යෝජනාවක්......

Tue Jul 14 , 2020
ඡන්දය කලින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.ඔහු පවසන්නේ, අපේක්ෂකයින් තවදුරටත් රැස්වීම් පැවත්වීමෙදී ජනතාව සමග ගැවසීම අවදානම් සහගත බවයි. ”අපි රැස්වීම්වලට යනවා. මිනිස්සු එනවා මිනිස්සුත් එක්ක අපිට ගැවසෙන්න වෙනවා. එක අපේක්ෂකයෙකුට දෙන්නෙකුට හැදුනොත් රෝගය දසදහස් ගණනක් නිරෝධායනයට ලක්කරන්න වෙනවා.එතකොට ඡන්දය තියා මොකක්වත් කරන්න හම්බවෙන්නේ […]

Breaking News