ජන්දය නියමිත දිනට කලින් තියන්න යෝජනාවක්……

ඡන්දය කලින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.ඔහු පවසන්නේ, අපේක්ෂකයින් තවදුරටත් රැස්වීම් පැවත්වීමෙදී ජනතාව සමග ගැවසීම අවදානම් සහගත බවයි.

”අපි රැස්වීම්වලට යනවා. මිනිස්සු එනවා මිනිස්සුත් එක්ක අපිට ගැවසෙන්න වෙනවා. එක අපේක්ෂකයෙකුට දෙන්නෙකුට හැදුනොත් රෝගය දසදහස් ගණනක් නිරෝධායනයට ලක්කරන්න වෙනවා.එතකොට ඡන්දය තියා මොකක්වත් කරන්න හම්බවෙන්නේ නැහැ”

එබැවින් ගැසට් නිවේදනය හෝ වෙනස් කර ලබන 25 වන දාට පෙර මැතිවරණය පැවත්වීඹ සුදුසු බව මහලේකම්වරයා යෝජනා කර තිබේ.

”ඒ නිසා මම නම් යෝජනා කරන්නේ කරුණාකරලා ඉක්මනින් 19, 20 ඉවර නම් ගැසට් එක වෙනස් කරලා හරි 25 ට කලින් මැතිවරණය කරන්න කියලා තමයි මම නම් යෝජනා කරන්න මේක පහුවෙන්න පහුවෙන්න ආසාදිතයින් ප්‍රමාණය වැඩිවනවා මිසක අඩුවෙන්නේ නැහැ”

Next Post

නිරෝධායන මධ්‍යස්ථාන දාහතරම පිරිලා - පන්සිය දෙනා බැගින් තව කීපයක් වහාම ඕනා - හමුදාව

Wed Jul 15 , 2020
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන දාහතරම මේ වන විට පිරී පවතින බැවින් ඉතා කඩිනමින් තවත් පන්සිය දෙනෙක්වත් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් සුදානම් කළ යුතු යැයි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර පැවැසීය ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ […]