දයාසිරි පරද්දන්න එතනෝල් ජොනි බරටම වැඩ – මෙදා සැරේ ජන්දදායකයන්ට වාසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතාට එළඹෙන මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ලයිස්තුවේ ජයග්‍රාහකයින් අතරට ඒමට නොහැකි බව එම පෙරමුණේ දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග මහතා කුරුණෑගලට පැමිණ රැස්වීම් දෙක තුනක් ඇමතුවහොත් දයාසිරි ජයසේකර මහතාට තිබෙන ඉතිරි මනාප ටිකත් නැති වෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රණතුංග මහතාට දන්වා ඇති බවද හෙළිදරව් වේ. මේ අනුව ඉදිරි දින කිහිපයේදී රණතුංග මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු රැළි කිහිපයක් ඇමතීමට සුදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ප්‍රසන්න රණතුංග මහතා හා දයාසිරි ජයසේකර මහතා ප්‍රසිද්ධියේම එකිනෙකා විවේචනය කර ගනිමින් සිටියි.ඒ සිරිසේනට ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා යැයි රණතුංග මහතා කරන ප්‍රකාශය මුල් කොට ගෙනය.

මේ අතර පසුගිය ඉරිදා පළවූ දේශය පුවත්පත වාර්තා කරන්නේ මෙසේය…..

වයඹ පළාතේ එක්තරා බලවත් දේශපාලුතුමෙක් තමන්ගේ හිතවත්ම පාක්ෂිකයන් අතරේ නිල් කාඩ් – රතු කාඩ් – කහ කාඩ් බෙදන්න පටන් අරන්ලු… එයා ආණ්ඩු පක්ෂයේ ඉන්න සෑහෙන ප්‍රබල පොරක්…

විශේෂයෙන් කඳුකරේ සීතලම දිස්ත්‍රික්කයෙන් නියෝජනේ කරන හිටපු මන්ත්‍රී සයිස් මහත්තයකුත් මේ වගේම අමුතු චිට් ජාතියක් බෙදන්න පටන් අරන්ලු… මේගොල්ලො මේක කරන්නේ ජනතාවගේ මනාපෙ ඉල්ලාගන්න කියලා තමයි ආරංචි.

මේ කාඩ්වලට තිබෙනවා විශේෂ වටිනාකමක්… චිට් එකටත් තිබෙනවා. ඒ වගේම වටිනාකමක්. ඒ කාඩ් අරගෙන මුන්නැහේලා පොට් එකකට ගියාම කාඩ් එකේ හැටියට යන කෙනාට බෝතලේ නැත්නම් බාගේ නැත්නම් කාල බැගින් හම්බුවෙන්නේ ඇඟ රත්කරගන්න කියලයි…

අපිට ආරංචි විදියට නිල් කාඩ් එකේ කොටුවක් කපලා බෝතලයකුත් රතු කාඩ් එකට බාගෙකුත් කහ කාඩ් එකට කාලකුත් ලැබෙනවා…උඩරට අනිත් එක්කෙනා දෙන චිට්වලට ලැබෙන්නේ භාගෙ බෝතල් විතරයි…

කොහොමහරි මේක නැගලා යන මනාප ඇමක්. ඒත් වියදම නම් අධිකයි.. ඒ කොහොම වුණත් මේවා බෙදා දෙන අයට ඕවා හදන කොම්පැණිත් තියන නිසා වැඩේ අවුලක් නැතිලු.

මේ විදිහට ධනය ඇති අය සැර බීම බෙදනකොට වෘත්තිය පැත්ත ඒ හැටි ධනවත් නොවන දේශපාලුතුමන්ලා සිසිල් බීම බෝතල්වල තමන්ගේ නමයි අංකෙයි ගහලා ජනතාවට බෙදන්න පටන්අරන්ලු.

ඒක ලාභ ඡන්ද ඇමක් කියලයි ආරංචි.

Next Post

ජනපති සහ හමුදාපති වර්තමාන රට ගැන විස්තර කරයි

Tue Jul 14 , 2020
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් […]

Breaking News