ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇතුළු එහි මැතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ වේදිකාවේදී අපහාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට එරෙහිව හා ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්ෂයක් විසින් යොදාගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් වන ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන්ට එරෙහිව මැතිවරණ, අපහාස හා ගිවිසුම් කඩකිරීමේ නීති යටතේ මෙසේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්ෂයක් විසින් තම වර්ණය ලෙස යොදාගෙන තිබීම තහනම් කිරීමට ක්‍රියාකරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමානවලට අනුව යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන අයුරින් හා අගතියට පත්වන අයුරින් කටයුතු කිරීම වරදක් බැවින් ශ්‍රීලනිප අපේක්ෂකයින්ට එරෙහි ප්‍රකාශ විකාශය කරන මාධ්‍යවලට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව ද ඔහු සඳහන් කළේය.