බස් රථ තුල වෙලදාම් වහාම නවත්තයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කරන බවට මහජනතාව විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු මාසයේ සිට ම දුම්රියවලට ජංගම අලෙවිකරුවන් ඇතුල්වීම තහනම් කරනු ලැබීය.

මෙවැනි වෙළඳුන් හේතුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ ඉහළ බව පෙනී යන බැවින් මෙම තීරණය ගෙන තිබේ.

Next Post

තවත් ආසාධිතයින් 14ක් හමු වෙයි - 2631 දක්වා ඉහලට

Mon Jul 13 , 2020
තවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් – 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත. අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකු බවයි. ඒ නිසා ඔවුන් දෙදෙනා නැවතත් […]

Breaking News