සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියන දේ..

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් සෑහෙන වැඩ ප්‍රමාණයක් දැන් ඉටුවී තිබෙනවා. මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබෙන්නේ රාජාංගනය ප්‍රදේශයට. එහි සංචරණය නවත්වා තිබෙනවා.

අපිට දෙන්න පුළුවන් පණිවිඩය තමයි මේ රෝගය ලෝකයේ පවතිනවා. ඒ තර්ජනය අපිටත් තිබෙනවා. මෙහිදී ඉතාම වැදගත් අපි සාකච්ඡා කර නතුකර ගත් ක්‍රියාපිළිවෙත් තදින්ම ක්‍රියාවට නැංවීම.

කන්දකාඩු පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාම මෙවැනි තත්ත්වයක් ඇතිව නෑ. විටින් විට අපට අහන්න ලැබෙන තොරතුරු වල සත්‍යතාවක් නෑ. රෝගියෙක් හමුවී විට අප ඒ බව ප්‍රචාරය කරනවා.

Next Post

හින්දි සිනමාවේ තරු රැසක් කොවිඩ් 19ට

Mon Jul 13 , 2020
මෙතෙක් ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගතවූ පැය විසි හතරේදී වාර්තා විය.අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් ඊයේ (12) වාර්තාවී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව […]

Breaking News