තවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් – 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත.
අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකු බවයි.
ඒ නිසා ඔවුන් දෙදෙනා නැවතත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.ඔවුන් දෙදෙනා ගේ සමීපතම ආශ්‍රිතයන් වූ පවුල් දෙකකට අයත් අටදෙනෙකු නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
ඔවුන් සමග ගනුදෙනු කරන ලද තවත් 50 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකරනු ලද බවත් ඔහු පැවසීය.මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි මහතා පැවසිය.
ඒ මහතා තවදුරටත් පවසන්නේ පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකළ ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වැළදී නැති බවට අනාවරණය වූ නමුත් ඉතිරි දෙදනාගේ පරික්ෂණ වාර්තා මෙතෙක් නොලැබුණු බවයි.කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.
ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.
ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.
මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කළේය.
පුනුරුත්ථාපනය කිරීම සිදුකරනු ලබන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිලධාරියාගේ මව සහ බිරිඳ සමග නිවසේ ජිවත්ව ඇති බවත් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම උපදේශකවරයා ජිවත්වන නිවසට යාබද නිවෙස් කිහිපයක ජිවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බව එම නිලධාරියා පැවසිය.මෙලෙස කොරෝනා වෛරසය ආසාදිත උපදේශකවරයා ගේ බිරිඳ ගුරුවරියක් බවත් ඇය ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක රාජකාරි කටයුතු කරන බවට කරුණු වාර්තා වී ඇත.
එම ගුරුවරිය දින දෙකක් පාසැලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ ඇති බවත් ඇයගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇයගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කොට ඇති බව ගෝනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.