මැකෝ ජන්දේ ගැන කතා කරයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා‘‘දිවයින’’ පුවත් පත අද සදහන් කරයි .

කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක් පමණ සකස් කර ඇති බවද පවතින තත්ත්වය හමුවේ මුල් සැලසුම ප‍්‍රමාණවත් නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල අනෙකුත් පොදු ස්ථානවලට වඩා සෞඛ්‍ය ආරක්‍ෂිතව පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානවලින් කොරෝනා බෝවීම කිසිදු ඉඩක් නොතබන බවත් හෙතෙම කීවේය.මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති නිසා එම පියවරයන් ආපසු හැරවීමට මැතිවරණ නිලධාරීන් සූදානමක් නැති බවද මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියේය.

මෙවර මහ මැතිවරණය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද(13) ආරම්භ විය.එම කටයුතු අද සිට ලබන 29 වැනි දා දක්වා සිදු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරයි

රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය කල්දැමීමට සිදුවූයේ රාජාංගනයේ රජයේ කාර්යාලය නිරෝධායනයට යටත්කොට තිබීම හේතුවෙන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (13) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම, ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමටත් එම ජනතාවට සේවය සැපයීමටත් සිදුව ඇති හෙයින් ඔවුන්ගේ තැපැල් ඡන්ද භාවිතය කළමනාකරණය කිරීමට සිදුවූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, දින 14 නිරෝධායන කටයුතු අවසන්කළ වහාම නැවතත් තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ කරන බව ඔහු පැවසීය.

ඡන්දයේ දී අනුගමනය කළයුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ මාර්ගෝපදේශන නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙසට නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අසීරුවන බවත් ඔහු අවදාරණය කළේය.

Next Post

හින්දි සිනමාවේ තරු රැසක් කොවිඩ් 19ට

Mon Jul 13 , 2020
මෙතෙක් ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගතවූ පැය විසි හතරේදී වාර්තා විය.අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් ඊයේ (12) වාර්තාවී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව […]