හින්දි සිනමාවේ තරු රැසක් කොවිඩ් 19ට

මෙතෙක් ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගතවූ පැය විසි හතරේදී වාර්තා විය.අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් ඊයේ (12) වාර්තාවී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලිනි.වසංගතයෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑම් එල්ලවූ ඉන්දියාවේ ආසාදිතයන් ගණන අට ලක්ෂ හැත්තෑ නවදහස ඉක්මවා ඇත.

තම ආසාදිත බිරිඳ අයිශ්වර්යා රායි සහ දියණිය ආරාධ්‍යා නිවසේදීම ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්.බච්චන් පවුලට සුවය පතා ඔවුන්ගේ රසිකයන් ආගමික වතාවත්වල නිරත විය.

ජනප්‍රිය බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ මව හා සහෝදරයාටද කොවිඩ් ආසාදනයවී ඇති අතර අනුපම් කේර්ට වෛරසය ආසාදනයවී නැති බව වාර්තා වේ.රංගන ශිල්පිනී රේඛාගේ ආරක්ෂක නිලධාරියෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග ඇගේ නිවසේ කොටසක් මුද්‍රා තබා තිබේ.

අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට තිස් හතරලක්ෂ දහ තුන්දහස ඉක්මවන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් හත්දහසකට අධිකය.

බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට විසි ලක්ෂයට ආසන්න වී තිබේ.එරට සිදුව ඇති මරණ ගණන හැත්තෑ දෙදහසකට අධිකය.බ්‍රසීලය ආර්ථික අවපාතයකට පැමිණෙමින් ඇති බවත් රැකියා මිලියන ගණනක් විනාශවී ඇති බවත් ජනාධිපති ජායිර් බොල්සොනාරෝ නිකුත් කළ ෆේස්බුක් පණිවුඩයක සඳහන් වේ.

අප්‍රිකානු කලාපයේ වැඩිම බලපෑමට ලක්වූ දකුණු අප්‍රිකාවෙන් ඊයේ ආසාදිතයන් දොළොස්දහසකට වැඩි පිරිසක් හඳුනාගැනුණි.පවතින තත්ත්වය මත එරට මත්පැන් අලෙවිය යළි තහනම් කිරීමට ජනාධිපති සිරිල් රම්පෝසා පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Next Post

ජන්දේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයත් මැතිවරණ කොමිසමත් කඹ ඇදිල්ලක

Mon Jul 13 , 2020
මහ මැතිවරණයට අද‌ාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත්, මැතිවරණ කොමිෂන් සභාවත් කඹ ඇදිල්ලක නිරතව සිටින නිසා එම ගැසට්ටුව ඡන්දයට පෙර මුද්‍රණය නොවනු ඇතැයි වාර්තා වේ.    මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට අද‌ාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුන් නිර්දේශ ගැසට් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් […]