දුන්න උපදෙස් දේශපාලනඥයන් සැහැල්ලුවට ගත්තා – කොරෝනා යළි ව්‍යාප්තවීමට හේතුව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කියයි

රට විවෘත කිරීමෙන් පසු ජනතාව, දේශපාලනඥයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර සීමාව ඉක්මවා කටයුතු කිරීම කොවිඩ් -19 වයිරසය යළි ව්‍යාප්ත වීමට හේතුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හරිමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු අවධාරණය කර සිටියි. ආර්ථිකය ගොඩ නැගීම, දෛනික ජීවිතය පවත්වාගෙන යාම යන කරුණු සැලකිල්ලට ගනිමින් රට විවෘත කළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. එහෙත් ජනතාව දේශපාලනඥයන් සහ ආයතන එය සැහැල්ලුවට ගත් බව ඔහු පෙන්වා දෙයි.කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවද ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් -19 තාක්ෂණික කමිටුවද රැස්වී පාලනය කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගත් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ, දේශපාලනඥයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු පැවැසුවේය.

කොවිඩ් -19 වයිරසය යළි පැතිර යාමේ අවදානම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක රැලි තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මැතිවරණ ප්‍රචාරක රැලිවලදී සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය වන බව නිරීක්ෂණයවීම මීට හේතුව වෙයි. ප්‍රචාරක රැලි සඳහා සිටිය යුතු උපරිම සංඛ්‍යාවට වඩා ජනතාව රැස්වීම කොවිඩ් -19 වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමට රුකුලක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ වන විට රට පුරා දෙවන කොරෝනා රැල්ල පැතිරයාමේ අවදානමක් පවතින බැවින් මැතිවරණය පවත්වන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සාකච්ඡා කොට රජය ඉක්මන් තීරණයක් ගත යුතු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.

Next Post

රෝගීන් හමුවීමේ සහ වර්තමාන තත්වය පිලිබඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරන හෙලිදරව්ව

Mon Jul 13 , 2020
කන්දකාඩු හි පිහිටි පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ ආශ්‍රිතයින් සමාජය තුල සංචරණය කර ඇති බැවින් ඔවුන් හරහා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇත්නම් ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. රාජාංගනය, වැලිකන්ද සහ හබරාදුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරුන්ගේ […]

Breaking News