පැය 21 යි – රෝගීන් 146 යි – නැවත පාසල් – අධ්‍යාපන ආයතන වසා දැමීමට තීරණය වෙයි

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් තවත් 90 දෙනෙකු අද (12) සවස 3 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 2605 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (12) උදෑසන සිට රාජාංගණයෙන් රෝගීන් 4 දෙනකුද, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 76 දෙනකුද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 14 දෙනකුද හමුවී තිබේ.

බෝවන රෝග මර්ධන ඒකකය විසින් කොවිඩ් – 19 වයිරසය සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ දත්ත අනුව ඊයේ (11 වැනිදා – සෙනසුරාදා) සවස 6.15 වන විට කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2459 කි. අද පස්වරු 3.00 වන විට නිකුත් කරන ලද දත්ත අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2605 කි.

ඒ අනුව දිනයකටත් අඩු (පැය 21 ක) කාලයකදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 146 දෙනකු හමුවී තිබේ.

මේ වන විට රෝහල්වල පුද්ගලයින් 613 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් 1981 කි. වයිරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත.

දැනට පවතින කොරෝනා වයිරසය තත්වය තවදුරටත් නරක අතට පත්වුවහොත් පාසල් සහ සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිසුන්,විදුහල්පතිවරු,ගුරුවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරිම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
විදුහල්පතිවරුට සහ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් එම ප්‍රදේශවල කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ තොරතුරු එම මධ්‍යස්ථානයට එවිය හැකි බව සඳහන් කර තිබේ.

1988 කෙටි අංකය අමතා එම තොරතුරු මධ්‍යස්ථානයෙන් වැඩිදුර විස්තර දැනගත හැකි බවත් info@moe.gov.lk ඉහත විද්‍යුත් ලිපිනයට ඔබ ප්‍රදේශයේ කොරෝනා පිළිබඳ තතු එවිය හැකිය.

Next Post

ජන්දය කල් යයි - උනුසුම් පුවතක්...

Sun Jul 12 , 2020
අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පහත සඳහන් රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 28 වන දින දක්වා කල් දමා තිබෙන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. බී. එම් සුෆ්යාන් මහතා පවසයි. ඒ අනුව රාජාංගනය ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහසෙන් මහා විද්‍යාලය , නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය , පශු […]