ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව ‘The Morning‘ වාර්තා කරයි.
මෙම ඉවත්වීමට හේතුව ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තමන් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා ඔවුන් ඉන් ඉවත් වන බවයි.
විශේෂයෙන් ජින්තුපිටිය සිද්ධියේදී විශ්ව විද්‍යාලය විසින් පරීක්ෂණ සිදුකොට කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් රෝගීන්ව රජය විසින් නැවත පරීක්ෂණයකට ලක් කොට ඔවුන්ට කොරෝනා නැතැයි ප්‍රකාශ කොට සමස්ථ රෝගීන්ගේ ලැයිස්තුවට ඇතුලත් කිරීමේන් වැලකීම වැනි සිද්ධීන් මීට මුල් වූ බවයි වාර්තා වන්නේ
කෙසේ වෙතත්, මේ වන විට, අව්‍යශ්‍ය තරමට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාවය රජය සතුව ඇති නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මෙම කාර්යයෙන් ඉවත් වූ බව සෞඛ්‍යය අමාත්‍යංශය පවසයි.
සිදු කරන ලද විමසුමකදී සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල කිහිපයක් රෝගීන් ලෙස ගණනය නොකිරීමේ අවස්ථා කිහිපයක් තිබුණත් ඊට හේතුව වූයේ එම රෝගීන් සැබැවින්ම රෝගීන් නොවන බව දෙවන පරීක්ෂණයකින් හෙළිවූ නිසා බවයි.