ජන්දය කල් යයි – උනුසුම් පුවතක්…


අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පහත සඳහන් රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 28 වන දින දක්වා කල් දමා තිබෙන බව අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්. බී. එම් සුෆ්යාන් මහතා පවසයි.

ඒ අනුව රාජාංගනය ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය , මහසෙන් මහා විද්‍යාලය , නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය , පශු වෛද්‍ය කාර්යාලය , රාජාංගනය පොලීසිය, රාජාංගනය රෝහල, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , වාරිමාර්ග කාර්යාලය , ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන වල 13,14,15,16 හා 17 යන දිනයන් හි දී පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 28 දක්වා කල් දමා ඇති බව එම කාර්යාලයන් හි සහතික කිරීමේ නිලධාරීන් වෙත අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් වරයා විසින් දැනුම් ඇත.

මේ සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සඳහන්කරයි.

අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි.

අද පස්වරු 3.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 614 ක් වූ අතර පැය 7 ක් ඇතුළතදී එය 623 දක්වා ඉහළ ගොස් තිබේ.ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව මේ වන විට 2615 දක්වා ඉහළ ගොස් තිබේ.

උපුටාගැනීම – ලංකාදීප පුවත්පතින්

Next Post

දුන්න උපදෙස් දේශපාලනඥයන් සැහැල්ලුවට ගත්තා - කොරෝනා යළි ව්‍යාප්තවීමට හේතුව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කියයි

Mon Jul 13 , 2020
රට විවෘත කිරීමෙන් පසු ජනතාව, දේශපාලනඥයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර සීමාව ඉක්මවා කටයුතු කිරීම කොවිඩ් -19 වයිරසය යළි ව්‍යාප්ත වීමට හේතුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හරිමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු අවධාරණය කර සිටියි. ආර්ථිකය ගොඩ නැගීම, දෛනික […]