ඊයේ සිට රටවල් 13ක සිට ඉතාලියට ඇතුලු වීම තහනම් කරයි

ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක  සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය. 

බංගල්දේශය, පැනමාව, මෝල්ටාව, පේරු, බ්‍රසිලය, කුවේට්, ඔමාන්, චිලි, ඩොමෙනිකන් රාජ්‍ය, අර්මේනියාව, බොස්නියාව, මැසඩෝනියාව ,බහරේන් එම තහනමට ලක් වු රටවල් වෙයි.

එම රටවල් සමග සියලුම නාවික හා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු නවතා දැමු බව සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

ඊයේ දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාධිතයන් 2,42,639 ක් මරණ 34,938 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. මේ අතරින් සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 13428 දක්වා අඩු වී තිබේ.

Next Post

පිටරට ශ්‍රී ලාංකිකයින්ට 14දා සිට කටුනායක දොර වැසේ

Sat Jul 11 , 2020
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියා සිටී. අදාළ තීන්දුව ලබන අඟහරුවාදා (14) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ. ඉදිරියේදී ලන්ඩනය, […]