පිටරට ශ්‍රී ලාංකිකයින්ට 14දා සිට කටුනායක දොර වැසේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමඟ ශ්‍රීලන්කන් ගුවන් යානා මගින් විදේශවල සිරවී සිටින්නන් ශ්‍රී ලංකාවට ගෙනඒමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට තීන්දුකර ඇතැයි එම කටයුත්ත සම්බන්ධීකරණය කරන ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.

අදාළ තීන්දුව ලබන අඟහරුවාදා (14) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

ඉදිරියේදී ලන්ඩනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්ථානය, මැදපෙරදිග, මාලදිවයින සහ තවත් යුරෝපා රටවල් ගණනාවක සිරවී සිටින ලාංකිකයන් දිවයිනට ගෙනඒමට සැලැසුම් කර තිබිණි.

දැනට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවීමත් කන්දකාඩු රදවා සිටින අය හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායනය කළයුතු බැවින් ගුවන් මගීන් ගෙන ඒම මෙසේ අත්හිටුවා තිබේ.

මෙලෙස විදේශවලින් ගෙන්වන තැනැත්තන්ගෙන් නිරෝධායනය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන අතර හෝටල්වල නිරෝධායනය වන අය පමණක් ඊට මුදල් ගෙවිය යුතු බව පැවසේ.

Next Post

අපිට COVID පොසිටිව් - රජයට නෙගටිව් – ජ’පුර PCR පරීක්ෂණ කිරීමෙන් අයින්වෙයි

Sun Jul 12 , 2020
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව ‘The Morning‘ වාර්තා කරයි. මෙම ඉවත්වීමට හේතුව ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තමන් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ […]

Breaking News