කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196 හමු වේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි අය සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඊයේ(10) දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා ගිය උපදේශකයන් ඇතුළු කාර්ය මණ්ඩලයත්, රැඳවූවන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් 500ක් පමණ හඳුනා ගැනීමට ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ඊයේ (9 වැනිදා) ආරම්භ කෙරිණි.

මෙම පිරිස් හඳුනාගෙන ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක හා බුද්ධි අංශ ප්‍රධානීන් ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ (9 වැනිදා) පස්වරුවේ කැඳවා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මේ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා ගිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා ඔවුන්ගේ නිවෙස්වලටම රඳවා ස්වයං නිරෝධායනයට ලක් කිරීම බුද්ධි අංශ විසින් කටයුතු කර තිබිණි.

එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ පනස් දෙනකු නිවාඩු ගොස් ඇති අතර ඉකුත් 04 වැනිදා රැඳවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වල පන්සියයක් පමණ එහි පැමිණ සිට ඇත.

එම සියලු දෙනාගේ නම් සහ ලිපින ඇතුළත් වාර්තා පවත්වාගෙන ගොස් අති බැවින් එම පිරිස්වලට නිවෙස් තුළම රැඳී සිටින ලෙස දන්වා ඇත. මෙම පුද්ගලයන් ආගිය තැන් හා ඇසුරු කළ අය හඳුනාගැනීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

Next Post

එජාපයට කොල පාට බරපතල ප්‍රශ්නයක් වෙද්දි හිරුණිකා මාධ්‍යවේදීන්ට දුන්න නියම උත්තරේ

Fri Jul 10 , 2020
2020 මහ මැතිවරණ සටන ආරම්භවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගයේ සාමාජිකයින් අතර උණුසුම් මාතෘකා නිර්මාණ විය.පළමුවෙන්ම පක්ෂයේ ලාංජනය පිළිබදව පක්ෂ දෙක අතර ගැටුමක් නිර්මාණය විය.මේ වන විට ඔවුන් අතර නිර්මාණය වී ඇති ගැටුම වර්ණය පිළිබදවය.එක්සත් ජාතික පක්ෂයේ වර්ණය කොළ වර්ණය වේ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සමගි ජන […]