2020 මහ මැතිවරණ සටන ආරම්භවීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගයේ සාමාජිකයින් අතර උණුසුම් මාතෘකා නිර්මාණ විය.පළමුවෙන්ම පක්ෂයේ ලාංජනය පිළිබදව පක්ෂ දෙක අතර ගැටුමක් නිර්මාණය විය.මේ වන විට ඔවුන් අතර නිර්මාණය වී ඇති ගැටුම වර්ණය පිළිබදවය.එක්සත් ජාතික පක්ෂයේ වර්ණය කොළ වර්ණය වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සමගි ජන බලවේගයට සම්බන්ධ වූ අපේක්ෂකයන්ට හිමිව ඇති වර්ණය වන්නේ නිල් වර්ණය වේ.නමුත් සමගි ජන බලවේගය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා සෑම අවස්ථාවකදීම යොදාගනු ලබන්නේ කොළ වර්ණය සමග කහ වර්ණයයි.
කෙසේ වෙතත් ඊයේ (09) දිනයේ එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද එම මාතෘකාව පිළිබදව කතාබහට ලක්විය.එහිදී රවී කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ….
අලියා හොද නැහැ. හැබැයි අලියගේ වලිගේ එල්ලෙන්න ප්‍රශ්නයක් නැහැ කියන කට්ටියගේ කොළ පාටත් හොද නැහැ එගොලන්ගේ පක්ෂයත් නිල් කරගෙන, ඒත් කොළ පාට අල්ලගෙන දගලන තත්ත්වයක් තමයි තියෙන්නේ. එයාලගේ පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන්නේ නිල්. අනේ දෙයියනේ ගන්නකෝ ඒක.
මේ අතර සමගි ජන බලවේගය විසින් ඊයේ (09) දිනයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් මාධ්‍යවේදීන් පක්ෂ වර්ණය සම්බන්ධයෙන් ආසා තිබේ.එවිට හිරුණා පවසා සිටියේ කොළයි කහයි එකතු වූ විට නිල් වර්ණය සෑදෙන බවයි.
මාධ්‍යවේදියාගේ ප්රශ්නය :- කොළ පාට ගන්න බැහැ කියල මැතිවරණ කොමසාරිස් දන්වලා තියෙනවානේද ?
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර :- දැන් මේ ඇත්තටම හරිනේ. කොළයි කහයි එකතුවුනාම එන පාට මොකක්ද ? නිල් නේද ? ඒක තමයි අපි දාලා තියෙන්නේ දෙක එකට. නිල් කියන්නේ කොළයි කහයි එකතු වුනාම නිල්. අපිට පෙන්වන්නත් පුළුවන් පාටකරලා. මේ පිස්සුනේ අනේ කොළ පාටක් අල්ලගෙන දගලනවා.