ජනපතිගේ වාහනයෙන් සනත් එළියට දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට රට වටා යන ගමනේදී ආනමඩුවේ සිදු වූ සිද්ධියක් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් නිශාන්ත මහතාව ජනාධිපතිවරයා විසින් තමන් සිටි වාහනයෙන් බස්සවා තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතාව තම වාහනයට නංවා ගැනීම පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබේ.

ජනාධිපතිවරයාගේ වාහනයෙන් සනත් නිශාන්ත මහතාව වාහනයෙන් බැස්සවූ අවස්ථාවේ ප්‍රියංකර ජයරත්න මහතාගේ ආධාරකරුවන් ඔහුට හූ සංග්‍රහයක් ලබා දීමට අමතක නොකළේය.සනත් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් පුත්තලම දිස්ත්‍රික් පොදුජන පෙරමුණෙන් තරඟ වදින අතර සනත් නිශාන්ත මහතාගේ ආධාරකරුවෙකුට ප්‍රියංකර ජයරත්න මහතාගේ බෑනා ඇතුළු පිරිසක් තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ද පොලිසිය පරීක්ෂණයක් කරමින් සිටියි.

වීඩියෝව පහතින් නරඹන්න

Next Post

නාකොටික් නිලධාරීන්ගේ නිවසින් හමු වුන දේ

Thu Jul 9 , 2020
චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත CID රඳවා සිටින නාකොටික් උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපසදස් මත ගම්පහ පොලිස් අධිකාරී ඉන්දික […]

Breaking News