මද්රසා පාසල් කාති උසාවි සහ බුර් කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡුන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව අපේ ජනබල පක්ෂයේ සභාපති අතුරලියේ රතන හිමියෝ ඊයේ (07 දා) ‘දිවයින’ පුවත් පතට පවසා සිටියහ.
සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව සහ රජය මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එම භාණ්ඩ වර්ජනය කිරීම සඳහා සමස්ත රට පෙළගස්වන බවත් උන්වහන්සේ කීහ.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොබෝ දිනකින් සංඝ සම්මේලනයක් කැඳවනු ලබන බවද උන්වහන්සේ කීහ.
පසුගියදා මෙරට ප්රමුඛ පෙළේ බැංකුවක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප්රතිචාර ඉතා කනගාටුදායක බවත් ඔවුන් එසේ හැසිරෙන්නේ නම් ඊට නිසි ප්රතිචාර දැක්වීම සමාජයේ වගකීමක් බවත් රතන හිමියෝ සඳහන් කළහ.
මෙම සියලූ ප්රශ්න සඳහා වගකිව යුත්තේ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව බවත් ඔවුන් ගොඩනඟාගෙන තිබෙන අන්ත වාදී ඒකාධිකාරය වහා බිඳ දැමීම අනාගත සුබසිද්ධියක් වනු ඇති බවත් උන්වහන්සේ කීහ.
තමන්වහන්සේ අවිහිංසාවාදී අවිය ඔසවන්න පෙර ප්රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ වගකීමක් බව අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.