එ.ජා.ප හිටපු ඇමති අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වෙයි – සහය රජයට

එක්සත් ජාතික පක්ෂයේ වරණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිත කරමින් සිටින බවත් එය වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බල වේගයේ වර්ණය නිල් පැහැය බවත් ඔවුන් සිය ප්‍රචාර කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ කොළ පැහැය යොදා ගනිමින් සිටින බවත් මහ ලේකම්වරයා යොමුකළ ලිපයේ සඳහන් වෙයි.

නිල් පැහැය වෙනුවට කොළ පැහැය භාවිත කරන්නේ චේතනාන්විතවම එක්සත් ජාතික පාක්ෂිකයින් නොමග යැවීමට බවත් එය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට බරපතල අගතියක් බවත් අකිල විරාජ් කාරියවසම් මහතා යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගල්ලාගම මහතා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.එම ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද යවා ඇත.

ඒ අනුව ජූනි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් සහ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇත.පක්ෂ දේශපාලනයේ සීමාවලින් ඉවත් ව ‘‘ශ්‍රී ලංකාවට මුල්තැන’’ යන ආදර්ශ පාඨය ඔස්සේ යමින් ජාතියට සේවය කිරීමේ කාලය එළැඹ ඇතැයි ද බෝගල්ලාගම මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.

අපගේ සාම්ප්‍රදායික විශ්වාස සහ ජනතාවගේ බලාපොරොත්තු එකිනෙකට නොපෑහෙන බවත් ඒ සියල්ලටම වඩා ජාතික අභිලාෂ සඳහා වැඩි ඉඩක් දීමේ අවශ්‍යතාව පැන නැගෙමින් තිබෙන ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇත.

‘‘කොවිඩ්-19 වසංගතයෙන් පසු රට ප්‍රබල අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. ඒවාට විසඳුම් සෙවීම සඳහා බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමඟ එක්සත්ව හා එකමුතුව, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැඩ කළ යුතුයි. එබැවින් රටටත් ජනතාවටත් බාරදූර වගකීමක් තිබෙන බව මම දැඩි සේ විශ්වාස කරනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වීමෙන් මේ රටේ ජනතාවට සේවය කිරීමට මට වැඩි අවස්ථාවක් ලැබෙනවා’’ යැයි රෝහිත බෝගල්ලාගම මහතා තවදුරටත් සඳහන් කර ඇත.

Next Post

පාසල් සිසුන් ප්‍රවාහන කරන වාහන වලටත් නියෝගයක් - මින් ඉදිරියට ලංකාවට වාහන ආනයනයේදී මේ දේවල් අනිවාර්යයි

Wed Jul 8 , 2020
පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙසේ කිරීමෙන් පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සෙසු රියදුරන්ට පහසුවෙන් හඳුනාගත හැකි නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය. […]