ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇ ප මත මුදා හැරීමට ම හේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (6) නියෝග කළේය .රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇ ප දෙකක් මත ඔහු මුදා හැරිණි.
පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු හා අනතුරකට පත් සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් මහතා ඊයේ (5) දින පොලිසිය භාරයේ සිට පානදුර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මිය ගිය පාපැදිකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබා දීමට ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරු අධිකරණයේ දී එකඟ විය.
එයින් රුපියල් ලක්ෂ 2 ක මුදලක් අද (6) දින ලබා දීමට ද කටයුතු කෙරිණි. වාහනය පදවමින් සිටියදී තමාට ටිකක් නින්ද ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ (5 දා) පානදුර පොලිසියට ප්‍රකාශ කර ඇත. ඒ මහතා පැදවූ මෝටර් රථයට යට වී පාපැදිකරුවකු අනතුරකට පත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගැනීමෙන් පසු ඔහු පොලිසියට එසේ පවසා ඇත.
අන තුර සිදුවීමට පෙර දින රාත්‍රියේ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමෙන් පසු මිත්‍රයකු ඇරලීමට කොළඹට ගොස් ආපසු එද්දී මෙම අන තුරට ලක් වූ බව ද කුසල් මෙන්ඩිස් මහතා පොලිසියට කියා ඇත.