020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දිර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වයි.
කිසිවෙකුට පැහැර ගැනීමට නොහැකි ඡන්ද අයිතිය පැහැර නොහරින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඔහු පවසන්නේ එය කිසිවෙකු විසින් පැහැර හරිනවානම් එය ඔහු විසින් කරනු ලබන අනුවන ක්‍රියාවක් බවය.ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.
තිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ ඡන්දය දැමීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන විට කළු පාට හෝ නිල් පාට පෑනක් ඡන්ද දායකයා විසින් රැගෙන ආ යුතු බවයි.
තවද ඡන්දය දැමීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ජන්ද දායකයින් දැනුවත් කිරිමට් මාධ්‍ය සියල්ල ඒකරාශී කරගනිමින් විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට ඔහු සඳහන් කළා