ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන්ගත් මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී සිදුවු රිය අනතුරෙහි CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත. අද (5) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවු අතර එහිදී පුද්ගලයෙකු මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබේ.අද උදෑසන 5ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ.ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා යමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව අසල දී මෙම අනතුර සිදුව ඇත.
එහිදී පා පැදියක ගමන්ගත් 64 හැවිරිදි ගොරකාපොල පදිංචි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවේ පසුවේ.වීඩියෝව පහතින් (උපුටාගැනීම අද දෙරණ )