මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පුත්තලම-කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුව ඇති බව පොලිසිය කියයි.ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඒ මහතා මිය යන විට 67 හැවිරිදි වියේ පසුවිය.
ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ අතර වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වේ.
ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් විශේෂ කැපවීමක් කල අතර ඔහුගේ උත්සාහය නිසා එවකට ජනාධිපති ප්‍රේමදාස මහතාගෙන් ගම් උදාව නිවාස ව්‍යාපෘතිය ආනමඩුවට ලබා ගැනීමට හැකිවිය