පක්ෂ බේදයෙන් තොරව පළාතේ හැමොටම එක සේ උදව් කරපු මන්ත්‍රීවරයෙකු සමුගැනීම – ජායාරූප

මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.පුත්තලම, කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ඔහු මේසේ මිය ගොස් තිබේ.

ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඒ මහතා මිය යනවිට 65 වියේ පසුවිය.ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ අතර වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වේ.

ආර්. ප්‍රේමදාස රජය සමයේදී ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ ඒ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා වනිතා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.ඔහු ගමන් ගත් වාහනය ලොරි රථයක ගැටීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ ඒ මහතා පාදෙණිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාරියපොළ පොලීසිය පවසයි.

අනතුරේ ජයාරූප පහතින්

Next Post

රණවිරු ගාය ගොවිගායට හරවා ගත් ආබාධිත විරුවා මුළු පළාතටම ඇති වෙන්න එළවළු වවනවා

Sun Jul 5 , 2020
සිය තාරුණ්‍යය උපන් මාතෘ භූමිය වෙනුවන් කැපකර ඉදින් ද නොනැවතී අපරිමිත වූ වීරෝදාර ආත්ම ශක්තිය වීරත්වත්වයට හරවා රුදුරු ත‍්‍රස්තයන්ගෙන් ලක් මාතාව බේරා ගැනීමට සටන් වැද තම පාදයක් අහිමිව තිබියදී පවා සංග‍්‍රාම භූමියේ විකුම් පෑ මේ අභීත හෙළ විරුවා, ම්ලේච්ජ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් අනතුරුව ද දෙපා ඇත්තවුන් පවා විශ්මයට පත් කරවන […]