බොරු චෝදනා කරපු මහින්දානන්ද අසරණ කරමින් icc යෙන් නිකුත්කළ විශේෂ නිවේදනය මෙන්න

2011 ලෝක කුසලාන අවසන් තරඟය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කිසිදු සැකයක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පවසයි.

එම තරඟය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඒකකයක් (Integrity Unit) සොයා බැලූ බවත්, නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන රීති යටතේ පරීක්ෂණයක් ඇරඹීමට කිසිදු සාක්ෂියක් එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් වී නොමැති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

“මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නැහැ. ICCයේ එවකට සිටි නිලධාරීන් ස්ථීර කළා එවැනි ලිපියක් ලැබුණු බවට මතකයක් නැති බවට. එවැන්නක් ලැබුණා නම් ඒ ගැන පරීක්ෂණයක් කිරීමට ඉඩ තිබුණා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන අපිට කිසිදු සැකයක් නැහැ.”

“අපි මෙවැනි සියලු චෝදනා බරපතල ලෙස සළකනවා එම චෝදනා සම්බන්ධයෙන් යම් සාක්ෂියක් ඇත්නම් අපි අපගේ වර්තමාන ස්ථාවරය සමාලෝචනය කරනවා”.

“මෙම තරඟය හෝ වෙනත් කිසියම් හෝ තරඟයක පාවාදීමක් සිදුව ඇති බවට කවුරුන් හෝ සතුව සාක්ෂි ඇත්නම් අපි ඔවුන්ට කියනවා ICCයේ ඉන්ටෙග්රිටි කණ්ඩායම ට තොරතුරු දෙන්න කියලා.”

තරඟ පාවාදීමේ චෝදනාව සම්බන්ධ විමර්ශන ඉදිරියට ගෙනයාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය ද පවසයි.එබැවින් එම චෝදනාවට අදාළ විමර්ශනය නතර කරන ලද බව පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.

2011 අප්‍රේල් දෙවෙනි දින ඉන්දියාවේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය පාවා දී ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කියා සිටියේ, NewsFirst සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මම අද කියනවා 2011 ලෝක කුසලානය අපි වික්ක කියල,””අපි දිනන්න තිබුණ තරගේ මම කියනවා පාවාදීමක් කළා කියල.” ඔහු පැවසීය.

ඉන් අනතුරුව පොලිසිය විසින් අලුත්ගමගේ හිටපු ඇමතිවරයාගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගත් අවස්ථාවේ චෝදනාවට අදාළ ප්‍රධාන කරුණු 14 ක් ඔහු පොලිසියට හෙළි කර තිබේ.

ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා, ඒ අවස්ථාවේ කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර සහ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ උපුල් තරංග කැඳවා පොලිසිය විසින් කරුණු විමසන ලදි.

Next Post

රඹුටන් ඇටය නිසා මාස 11ක සිගිත්තාට වුනු දෙයක්

Fri Jul 3 , 2020
කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී අභාවයට පත්ව ඇත. බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී නැති වී තිබුණි.රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට අලාභ […]

තවත් මෙවැනිම පුවත්..........