කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ දී මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී අභාවයට පත්ව ඇත.
බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහි දී නැති වී තිබුණි.රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින් දරුවාගේ ඥාතීන් රෝහල් සේවකයින්ට සහ එහි දේපළවලට අලාභ හානි කර තිබේ.
එහිදී රෝහල් සේවකයෙකු තුවාල ලබා ඇති අතර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දේපළවලට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙයි.රෝහලේ කාර්යය මණ්ඩලයට සහ දේපළවලට සිදුකළ මේ සිදුවීමට එරෙහිව එහි කාර්යය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
අද පෙරවරු 8 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට (04) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් සිදුකෙරෙන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.කෙසේවෙතත් රෝහලට රැගෙන එන විටත් දරුවා මොලොව අත හැර ගොස් බව රෝහල් බලධාරීන් පවසයි.
දෙනියාය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සිද්ධියට හවුල් පුද්ගලයින් දෙදෙනෙකු අත්අ ඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මොරවක මහෙස්ත්‍රාත් අධි කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.