ලෝක කුසළානය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද කියූ පටු දේශපාලන කතාවට විරෝධය පාමින් මේ වන විට විශාල පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂනයක නිරත වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා මේ වන විය පැය 7ක පමණ කාලයක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි ලබාදී තිබේ.
සංගක්කාර මහතා මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවයි. සංගක්කාර මහතා අද (02) පෙරවරු 9.00 ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර පස්වරු 4.00 වන විටත් ඒ මහතා එහි රැඳී සිටියේය.
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්‍රීඩක උපුල් තරංගගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.
මේ අතර හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා එම ඒකකයට ගොස් පැය 5කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදී තිබුණි.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබුණි.